Jump to content

දුනු තරාදිය

විකිපීඩියා වෙතින්
16:55, 18 ජූලි 2013 වන විට MerlIwBot (සාකච්ඡාව | දායකත්ව) (රොබෝ ඉවත් කරමින්: de,sl,ja,fa,ru,fr,en,nl (strongly connected to si:දුනු තරාදි)) විසින් සිදු කර ඇති සංශෝධන
ග්‍රෑම් වලින් මනින දුනු තරාදියක්.

දුනු තරාදිය සරල වශයෙන් සැලකූ කළ එය එක් පසකින් අචල ලෙස සවි කොට ඇති හා අනෙක් පසින් වස්තුවක් එල්ලීමට කොක්කක් සහිත දුන්නක් ලෙසින් විස්තර කළ හැක. එය ක්‍රියාකරන මූල ධර්මය හුක්ගේ නියමය අනුව පහදාදිය හැක. එම නියමය පවසන්නේ දුන්නක් විස්තීරණය කිරීමට අවශ්‍ය වන බලය එහි නිශ්චල අවස්ථාවෙහි සිට දුන්න විස්තීරණය වන දුරට සමානුපාතික වන බවය. එබැවින් දුනු තරාදියක් මත පරිමාණ සලකුණු සම අන්තරයන් සහිත වෙති.

එය භාවිතා කරන ස්ථානයෙහිදී නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා දුනු තරාදියක් ක්‍රමාංකනය කල හැකි වුවද, බොහෝ දුනු තරාදි වල මුහුණතේ "වෙළෙඳාම සඳහා භාවිතය නීත්‍යානුකූල නොවේ" හෝ එයට කිට්ටු සමානකමක් දරන වදන් පෙළක් සඳහන් කර ඇත්තේ, තරාදිය සලකුණු කිරීම සඳහා භාවිතා කරන සිද්ධාන්තයේ සන්නිකර්ෂණ ස්වරූපය නිසාය. මෙයට අමතරව, නැවත නැවත භාවියේදී තරාදියේ දුන්න ස්ථීර ලෙසින් ඇදීමට ලක් විය හැක.

දුනු තරාදි දෙකක්, එකකට යටින් තවෙකක් ලෙසින් ශ්‍රේණිගතව පිහිටන ලෙසින් එල්ලා තැබුවොත්, පහළ තරාදිය වෙතින් එල්ලා ඇති වස්තුවේ බර, එක් එක් දුනු තරාදිය විසින් කියවනු ලැබේ. ඉහළ ඇති තරාදිය විසින් ස්වල්පයක් වැඩි බරක් කියවනු ලබන අතර එසේ වන්නේ පහළ තරාදියේ බර විසින් එය ඇදීමකට ලක් වන නිසාය.

දුනු තරාදි විවිධ ප්‍රමාණ වලින් වෙළෙඳපොලෙහි දක්නට ඇත. සාමාන්‍යයෙන් ගත් කල, නිවුටන මනින කුඩා තරාදි සතුව ඇත්තේ නිවුටන දහයේ ඒවා, සියයේ ඒවා හෝ දාහේ ඒවා මනින ඒවායේ දුන්න තරම් දැඩි නොවන (කුඩා දුනු නියතය සහිත වූවක්) දුන්නකි.

භාවිතා

භෞතික විද්‍යාවෙහි සහ අධ්‍යාපනයෙහිදී මූලික ත්වරණමානයක් ලෙසින් දුනු තරාදිය භාවිතා කල හැකි වුවද, එහි ප්‍රධාන භාවිතාවන් වන්නේ කර්මාන්ත ක්ෂේත්‍රෙයහිදී වන අතර විශේෂයෙන්ම ට්‍රක් රථ, ගබඩා සයිලෝ, සහ වාහක පටියක රැගෙන යන ද්‍රව්‍යය ආශ්‍රිත විශාල (බැර) භාරයන්හී බර මැනීම සඳහාය. සරල බව, මිල අඩු බව, හා හැඩිදැඩි බව සඳහා අනෙකුත් වර්ගයන්හී තරාදි වලින් ලබා දෙන නිරවද්‍යතාවය කැපකල හැකි තැන් වලදී දුනු තරාදි භාවිතා වෙයි.

දුනු තරාදියක් විසින් වස්තුවක බර මනින්නේ විස්තීරණය කෙරුණු දුන්නක බලය මගින් ගුරුත්වයේ බලය හා විරුද්ධ වීමෙනි. දුනු තරාදි විසින් නිවුටන වලින් මෙන්ම ග්‍රෑම් වලින්ද බර මනිනු ලැබේ

ඉතිහාසය

බ්‍රිතාන්‍යයේ පළමු දුනු තරාදිය 1770දී පමණ තැනුනේ බටහිර බ්‍රොමිච් අසල බිල්ස්ටන් හී රිචඩ් සෝල්ටර් විසිනි. [1] ඔහු සහ ඔහුගේ බෑනාවරුන් වූ ජෝන් සහ ජෝර්ජ් විසින් පිහිටුවාගන්නා ලද, තරාදි සහ තුලාවන් සඳහා නමගිය නිමැවුම්කරුවන්වූ, ජෝර්ජ් සෝල්ටර් සහ සමාගම, 1838දී දුනු තරාදියක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්හ. එම දුනු තරාදි මූලධර්මයම වාෂ්ප දුම්රිය එන්ජිම් යා කපාට සඳහාද යෙදවූ ඔවුහූ, පෙරදී භාවිතා වූ නිත්‍ය භාර කපාට වෙනුවට නව කපාට නිපැයූහ.[1]

මෙයද බලන්න

සළුව ඔසවන ජනේලයක් සඳහා සර්පිල සංතුලකය නිදර්ශනයක්


ආශ්‍රිත

  1. ^ a b හෙවිසන්, ක්‍රිස්ටියන් එච්. (1983). ලොකොමෝටිව් බොයිලර් එක්ස්ප්ලෝෂන්ස්. ඩේවිඩ් සහ චාල්ස්. p. 18. ISBN 0-7153-8305-1.