ඇල්බට් බණ්ඩුරා
ඇල්බට් බණ්ඩුරා | |
---|---|
උපත | දෙසැම්බර් 4, 1925 |
ජාතිකත්වය | කැනේඩියානු/ඇමරිකානු |
උගත් ශාස්ත්‍රාලය | කොළොම්බියා විශ්වවිද්‍යාලය University of Iowa |
ප්‍රසිද්ධව ඇත්තේ | Social cognitive theory Self-efficacy Social learning theory Bobo doll experiment Human agency Reciprocal determinism |
Scientific career | |
ක්ෂේත්‍රය | Psychology, Philosophy of Action |
ආයතන | ස්ටැන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය |
බලපෑම | Robert Sears, ක්ලාර්ක් හුල්, en:Kenneth Spence, ආතර් බෙන්ටොන්. නීල් මිලර් |
ආභාෂය ලැබුවේ | Cognitive psychology, Social psychology |
ඇල්බට් බණ්ඩුරා 1925 දෙසැම්බර් 04 වන දින කැනඩාවේ දී උපත ලැබීය. ඔහු මනෝවිද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු විය. එමෙන්ම සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යා කුරුකුලයේ පියා ලෙස හැදින්වේ. ඔහු පවුෙල් ලාබාලතම සාමාජිකයා විය. ඔහු උපන් නගරය තුළ ආසන්න වශයෙන් 400 පමණ ජනගහනයක් පැවතුණි. දුශ්කර පෙදෙසක අධ්‍යාපනය ලැබීමට සිදු වුව ද ඔහු ඉතා ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත විය. බණ්ඩුරා 1949 දී ඇමරිකාවට සංක්‍රමණය වෙයි. එහිදී ඔහු වර්ජිනියා වර්න්ස්(Virginia Varns) නම් තරුණිය සමග විවාහ වෙයි. ඔවුන්ට කැරොල් හා මේරි නමින් දියණියන් දෙදෙනෙකු විය.
අධ්‍යාපනය හා රැකියාව
[සංස්කරණය]බ්‍රිටිස් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ බණ්බුරා 1949 දී තම ප්‍රථම උපාධිය ලබා ගැණීය. ඉන්පසු ලෝවා විශ්ව විද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ඔහු 1951 දී ශ්‍රාශ්ත්‍රපති උපාධිය දිනා ගනු ලැබීය. 1952 දී ඔහු තම ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගනු ලැබීය.පසුව ඔහු ස්ටැෆඩි විශ්ව විද්‍යාලයේ සේවයට බැදුණි. මනෝ විද්‍යාව පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කිරීමට ඔහුට හැකි විය. 1974 දී ඔහු ඇමරිකානු මනෝවිද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු ප්‍රධාන වශයෙන් සමාජ ඉගෙනුම පිළිබද පර්යේෂණ රැසක් සිදු කළහ. සමාජ ඉගෙනුම් වාදී මනෝවිද්‍යා ගුරුකුලය සංවර්ධනය කිරීමෙහි ලා සුවිශේෂි දායකත්වයක් දැරී ය. සමාජ ඉගෙනුම් වාදය බිහි කිරීමෙහි ලා රිචට් වෝල්ටර්ස්ද, බණ්ඩුරාට සහය විය.
සමාජ ඉගෙනුම්වාදය
[සංස්කරණය]මනෝ විද්‍යාව තුල දක්නට ලැබෙන ප්‍රධාන ගරුකුලයකි. සමාජ ඉගෙනුම් වාදය එහි නිර්මාතෘ අල්බට් බන්ඩුරා නම් වූ මනොවිද්‍යාඥයාය.සමාජ ඉගෙනුම්වාදය වර්‍යාවාදී ගුරුකුලය හා ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය ඇසුරින් ගොඩනැගුන නවතම ගුරුකුලයකි.සමාජ ඉගෙනුම්වාදීන් පුද්ගලයාගේ සෑම ඉගෙනුමක්ම අන්තර්සමාජ සම්භන්ධතාමත ගොඩනැගෙන බව පිළිගනිති.සමාජ ඉගෙනුම්වාදයේ මූලාරම්භය දෙවන ලෝක යුධසමය කරා දිවයයි.චර්‍යාවාදී මනෝවිද්‍යා ගුරුකුලයට අයත් සමභ්‍යතා ආරෝපණවාදය හදුන්වාදුන් ඉවාන් පැව්ලොව් එඩ්වඩ් ලී තොණ්ඩයික් ජෝන් බී වොට්සන් බී එෆ් ස්කිනර් යන සම්භාව්‍ය මනොවිද්‍යාඥයන්ගේ ඉගැන්වීම් සමාජ ඉගෙනුම්වාදය බිහිකිරීමට ප්‍රබල බලපෑමක් එල්ලකළේය.නීල් මිලර් සහ ජෝන් ඩොලාඩ් යන විද්‍යාඥයන් උපස්ථම්භය සංකල්පයට පරිබාහිරව සමාජ අනුකරණය සදහා වූ ප්‍රේරණයන් පවතිනබව පෙන්වාදුන්හ.සමාජ ඉගෙනුම්වාදීන් මිනිස් චර්‍යාව කෙරේ බාහිර පරිසරයේ බලපෑම මෙන්ම මිනිස් ප්‍රජානනයේ බලපෑමද පිළිගනී.සමාජ අනුකරණය මගින් වර්‍යාවන් හැඩගැසීම ප්‍රාථමික ගෝත්‍රිකයන්ට මෙන්ම නූතන සංකීර්ණ සමාජයන්හි වෙසෙන මානවයාටද එකසේ වැදගත්බව ඇල්බට් බණ්ඩුරා පවසයි.
සමාජයේ පවතිව ඔනෑම සංසිද්ධියක් පුද්ගලයාට සංකේතාත්මක ආදර්ශයක් බව සමාජ ඉගෙනුම්වාදීන් පවසති.මෙවන් ආදර්ශයන් අනුගමනය කිරීමෙන් පුද්ගලයාට ධණ හෝ ඍණ උපස්ථබනයක් ලැබෙයි.තමා ඍජුවම යම් සංසිද්ධියකට භාජන නොවුවද අදාල සංසිද්ධිය නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන ආදර්ශය අනුකරණය කරයි.මෙවන් ඉගෙනුම් නිරීක්ෂණාත්මක ඉගෙනුමක් ලෙස බණ්ඩුරා සදහන් කරයි.