මහනුවර
මහනුවර Kandy සෙංකඩගල கண்டி | |
---|---|
නුවර වැවේ දසුනක් | |
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
සෙංකඩගලපුර | ~1480 |
මහනුවර මහනගර සභාව | 1865 |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | මහේන්ද්‍ර රත්වත්තේ[1] |
ජනගහණය(2001) | |
• මුළු | 110,049 |
• ඝණත්වය | 57/කිමී2 (150/වර්ග සැත) |
[2] | |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව[3] (UTC+5:30) |
• ගිම්හානය (DST) | ගිම්හාන වේලාව (UTC+6) |
වෙබ් අඩවිය | http://kandy.mc.gov.lk/ |
මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[තහවුරු කර නොමැත]
වදන්
[සංස්කරණය]සෙංකඩගල නාමය
[සංස්කරණය]ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.
මහනුවර නාමය
[සංස්කරණය]මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.
ඉතිහාසය
[සංස්කරණය]මහනුවර රාජධානිය
[සංස්කරණය]ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.
සංස්කෘතිය
[සංස්කරණය]ලෝක උරුම නගරය
[සංස්කරණය]යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: iv, vi |
මූලාශ්‍ර | 450 |
අභිලේඛනය | 1988 (10th සැසිය) |
පුරාණේ භාවිතා කළ නාමය
[සංස්කරණය]- ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
- සෙංකඩගල
- කන්ද උඩරට
- කන්දෙ නුවර
- සෙංකණ්ඩ ශෛලපුරය
- ශ්‍රීවර්ධනපුර
- කන්ද උඩ නුවර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
[සංස්කරණය]- සේනාසම්මත වික්‍රමභාහු රජු (මහනුවර පලමු වරට පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගත් රජු)
- දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
- කොනප්පු බණ්ඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
- දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
- Iවන විමලධර්මසූරිය රජ: 1591-1604
- සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
- රාජසිංහ 2: 1629-1687
- විමලධර්මසූරිය 2: 1687-1707
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
- විජය රාජසිංහ: 1729-1747
- කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
- රාජාධි රාජසිංහ: 1782-1798
- ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-1815 [4]
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- සෙංකඩගල රජ මාලිගාව - සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි.
- ශ්‍රී දළදා මාලිගාව - පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ.
- සතර මහා දේවාල - නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත.
- නුවර වැව - 1807 වර්ෂයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් නුවර වැව ඉදිකරන ලදී.
- මහනුවර ජාතික කෞතුකාගාරය - 1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද මහනුවර ජාතික කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.
- අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය - අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදාල තරග පැවැත්විණි.
- මහනුවර නගර ශාලාව - මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල වේ. එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.
- උඩවත්තකැලේ - ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ අභය භූමිය වේ.
- මහනුවර ඔරලෝසු කණුව - නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, 1947 වසරේ ඉදිකරවන ලද්දකි.
- ලෝක බෞද්ධ කෞතුකාගාරය - මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.
- රැජිණ හෝටලය - නගරයේ වූ පැරණි හෝටලයකි.
- බෝගම්බර හිරගෙදර - අක්කර 13ක් පුරා විහිදි 1876 වර්ෂයේ මහනුවර ඉදිකරනු ලැබූ බන්ධනාගාරය වේ.
- බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන - මෙරටදී මිය ගිය බ්‍රිතාන්‍යයයින් භූමදානය පිණිස බ්‍රිතාන්‍යය විසින් 1817 වර්ෂයේ ඉදිකරනු ලැබූ කනත්තකි. කෙසේනමුදු 1873දී කනත්ත වසා දැමුණි.
- වේල්ස් උද්‍යානය - ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ.
- නෙල්ලිගල පුදබිම
- ධර්මරාජ විදුහල
- CNBK
කාලගුණය
[සංස්කරණය]මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.
ස්වාභාවික උරුමය
[සංස්කරණය]ආර්ථිකය
[සංස්කරණය]ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ http://www.askbiography.com/bio/Kandy.html
- ^ Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
- ^ http://www.timeanddate.com/worldclock/city.html?n=389http://www.timeanddate.com/worldclock/city.html?n=389
- ^ සංරක්ෂිත පිටපත, http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-05-09
බාහිර සබැඳුම්
[සංස්කරණය]- අපේ උරුමය සංරක්ෂණය කළ පිටපත 2009-02-23 at the Wayback Machine
- මහනුවර නගරය සංරක්ෂණය කළ පිටපත 2019-08-19 at the Wayback Machine
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නිල වෙබ් අඩවිය
- Elephant on street in Kandy
ඛණ්ඩාංක: 7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E