Jump to content

රජගලතැන්න

විකිපීඩියා වෙතින්

රජගලතැන්න අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය සභාවේ අම්පාරේ සිට නුවර දෙසට කි.මි. 24 ක පමණ දුරින් පිහිටා ඇති ‍එෙතිහාසික වැදගත්කමක් ඇති ගමකි. මෙහි රජගලකන්ද නමින් වු එෙතිහාසික කන්දක් ඇත. එම කන්දේ රජ මාලිගාවක නටඹුන් මෙන්ම චිත්‍ර ගුහා සහ සෙල්ලිපි ගණනාවක් දක්නට ඇත.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]
රජගල නටඹුන්
  • රජගල පුරාවිද්‍යා භූමිය - රජගලතැන්න රජගල කන්දෙහි පිහිටි පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය, පුරාවස්තු ප්‍රමාණය අනූව අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන එෙතිහාසික පුදබිමකි.[1]
  • පියංගල ආරණ්‍ය සේනාසනය - පියංගල ආරණ්‍යය සේනාසනය, අම්පාර රජගලතැන්න ප්‍රදේශයේ පිහිටි පුරාණ ආරණ්‍ය සේනාසනයක් වේ. එය අම්පාර-මහියංගනය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 27ක් පමණ දුරින් පිහිටා ඇත.
  • පියංගල චිත්‍ර ලෙන - පියංගල ආරණ්‍යය සේනාසනයට ආසන්නව පිහිටි, පැරණි සිතුවම් සහිත ගල් ලෙනකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ප්‍රියංක කුරුගල. "නිව් ආකියෝලොජිකල් ට්‍රේනින් සෙන්ටර් ටු බී සෙට් අප්: අම්පාර රජගල". සන්ඩේ ඔබ්සවර් ඔන්ලයින්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
"https://si.wikipedia.org/w/index.php?title=රජගලතැන්න&oldid=352633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි